සේවරි පිට්ටු
අවශ්ය ද්රව්ය:
- හාල් පිටි 500g
- පොල් 150g
- කතුරුමුරුංගා 100g
- කැරට් 100g
- බීට් 100g
- ලුණු කුඩු තේ හැදි 02
සාදන ක්රමය:
- පොල් සිහින්ව ගාගන්න.
- එළවළු පිරිසිදු කර සෝදා සිහින්ව කපා ගන්න.
- භාජනයක් ගෙන එයට පොල් , ලුණු, ජලය දමා කලවම් කර හාල්පිටි එකතු කරමින් පිට්ටු කැට සාදන්න.
- සාදාගත් පිටිටු කොටස් 03 කට බෙදා එක් කොටසකට කැරට්ද අනෙක් කොටසට බීට්ද අනෙක් කොටසට කතුරුමුරුංගාද එකතු කරන්න.
- පිටිටු බම්බුව ගෙන එයින් 1/3 ක් බීට් මිශ්ර පිට්ටුද, දෙවනුව කතුරු මුරුංගා මිශ්ර පිට්ටුද, තෙවනුව කැරට් මිශ්ර පිට්ටුද දමා පිට්ටු මුට්ටියේ තබා තම්බා ගන්න.
- උණුසුම්ව තිබියදීම පිළිගන්වන්න.
පෝෂණ ගුණය:
පිට්ටුවල ප්රධාන වශයෙන් පිෂ්ටය ඇත. එමඟින් ශරීරයට ශක්තිය ලැබේ. කැරට්, බීට්, කතුරුමුරුංගා වැනි එළවළු එකතු කර ගැනීමෙන් පෝෂණ ගුණය වැඩි කරගත හැක.











