FoodLit – TEACHING AND LEARNING OF FOOD AND NUTRITION

වට්ටක්කා සුප්

අවශ්‍ය ද්‍රව්‍ය:


  1. වට්ටක්කා 200g
  2. කැරට් අල 01
  3. රතු ළුෑණු 06
  4. සුදු ළුෑණු බික් 05
  5. ලුණු කුඩු තේ හැදි 02
  6. ගම්මිරිස් කුඩු තේ හැදි 02
  7. බටර් මේස හැදි 02

සාදන ක්‍රමය:


  1. වට්ටක්කා සහ කැරට් පිරිසිදු කර සෝදා කුඩා කැබලි වලට කපා ගන්න
  2. ළුෑණු හා සුදු ළුෑනු පිරිසිදු කර සෝදා සිහින්ව ලියාගන්න.
  3. ඇතිලියක් හෝ තාච්චියක් ලිප තබා රත්වන විට බටර් ටික දමා එයට ලුණු , සුදු ළුෑණු දමා තරමක් බැදගන්න
  4. ළුෑණු බැදෙන විට එයටම කපාගත් කැරට් හා වට්ටක්කාද එකතු කර විනාඩි 03 ක් පමණ එහා මෙහා කළවම් කර වතුර අඩු කෝපප 02 ක් දමා පිස ගන්න.
  5. එයට ලුණු හා ගම්මිරිස් එකතු කරගන්න.

පෝෂණ ගුණය:


වට්ටක්කා පිෂ්ටය බහුල එළවළුවකි. විටමින් ඒ බහුලව ඇත. කැරොටිනොයිඩ් නම් ප්‍රතිඔක්සිකාරකය ඇත.

Leave A Comment

Your email address will not be published. Required fields are marked *