බඩඉරිඟු ඩෙවල්
අවශ්ය ද්රව්ය:
- නොමේරු බඩ ඉරිගු කරල් 4 ක්
- කෑලි මිරිස් තේ හැදි 04 ක්
- කූනිස්සන් හෝ උම්බලකඩ 50 g ක්
- බී ළුෑණු ගෙඩි 01 ක්
- සුදු ළුෑණු ගෙඩි 01 ක්
- කරපිංචා ඉති 01 ක්
- ලුණු කුඩු
- පොල්තෙල් බෝතල් ¼
සාදන ක්රමය:
- බඩ ඉරිගු කරල්වල පිටත ආවරණය ඉවත් කර සෝදා , තැම්බීමට අවශ්ය පමණට ජලය එකතු කර තම්බාගන්න(තම්බන විට ලුණු එකතු කරන්න).
- කූණිස්සන් හොදින් සෝදා දිය බේරෙන්න තබන්න.
- බී ළුෑණු , සුදු ළූණු හා කර පිංචා සිහින්ව කපා ගන්න.
- බඩ ඉරිගු තැම්බුණු පසු ජලය පෙරා පිගානකට දමන්න. (එක් කරලක් කොටස් 02 කට වෙන් කරන්න).
- තාච්චියක් ලිප තබා එයට අවශ්ය ප්රමාණයට පොල්තෙල් එකතුකර රත් වූ පසු පළමුව සුදු ළූණු හා බී ළුෑණු එකතුකර තරමක් බැදුනු පසු කූනිස්සන් එකතු කරන්න.
- කූනිස්සන් හොදින් බැදුනු පසු එයට කරපිංචා සහ කෑළි මිරිස් එකතුකර පදමට ආ පසු බඩ ඉරිගු කරල් එට එකතු කර හොදින් කළවම් කරන්න.
පෝෂණ ගුණය:
බඩඉරිඟු ධාන්ය වර්ගයකි. ඒවායේ පිෂ්ටය, තන්තු, විටමින් හා ඛනිජ ලවණ බහුලය. කූනිස්සන් හෝ උම්බලකඩ යෙදීමෙන් පෝෂණ ගුණය වැඩි කරගත හැක. සෞඛ්යසම්පන්න කෙටි ආහාරයක් ලෙස ආහාරයට ගත හැකිය.











