FoodLit – TEACHING AND LEARNING OF FOOD AND NUTRITION

කොස් ඇට අග්ගලා

අවශ්‍ය ද්‍රව්‍ය:


  1. කොස් ඇට 500g
  2. ගා ගත් පොල් අඩු කෝප්ප 1
  3. ලුණු තේ හැඳි 1
  4. සීනි මේස හැඳි 2
  5. ගම්මිරිස් කුඩු තේ හැඳි 2

සාදන ක්‍රමය:


  1. කොස් ඇට සෝදා පොත්ත තිබියදීම කබලේ බැදගන්න (බදිනවිට පියන වසා බැදගන්න).
  2. බැදගත් කොස් ඇටවල පොත්ත ඉවත් කරන්න.
  3. පොල් සිහින්ව ගා ගන්න.
  4. බැදගත් කොස් ඇට, පොල්, ලුණු, ගම්මිරිස් හා සීනි වංගෙඩියට දමා කොටාගන්න. නැතිනම් බ්ලෙන්ඩර් කරන්න.
  5. කැමති ප්‍රමාණයට ගුලි සකසා ගන්න

පෝෂණ ගුණය:


කොස් ඇටවල පිෂ්ටය බහුලව ඇත.
ශරීරයට අහිතකර බේකරි නිෂ්පාදන, බිස්කට් වැනි ආහාර වෙනුවට ගුණදායක කෙටි ආහාරයක් ලෙස කොස් ඇට අග්ගලා රස විඳිය හැක.

Leave A Comment

Your email address will not be published. Required fields are marked *