ෆෘට් කෙබාබ්
අවශ්ය ද්රව්ය:
- අන්නාසි
- අඹ
- පේර
- කාමරංකා
- දොඩම්/නාරං
- ගස්ලබු
- කොමඩු
- ඩ්රැගන් ෆෘට්
- ස්ටික්ස්(කූරු)
සාදන ක්රමය:
- පළතුරු සියල්ල සෝදා ගන්න.
- ස්ටික්වලට ගැසිය හැකි ආකාරයට ඉවත් කළ යුතු කොටස් ඉවත්කර කෑලි කපා ගන්න.
- වර්ණ ගැළපෙන ආකාරයට ස්ටික්වලට පළතුරු කෑලි අමුණා පිළිගන්වන්න.
වසරේ එක් එක් කාලවලට සුලභව සෑදෙන පලතුරු වර්ග භාවිතා කළ හැක – ජම්බු, නාරං, නමිනං, ලොවි, උගුරැස්ස, දං, ඇබිල්ල, නෙල්ලි, පේර
පෝෂණ ගුණය:
නාරං, නෙල්ලි, කාමරංකා, අන්නාසි, පේර වැනි පලතුරුවල විටමින් සී බහුලව තිබේ. අඹ හා ගස්ලබුවල විටමින් ඒ බහුලව තිබේ. දිනපතා අවම වශයෙන් පලතුරු වර්ග දෙකක්වත් ආහාරයට ගත යුතු වේ.











