මඤ්ඤොක්කා කොත්තු
අවශ්ය ද්රව්ය:
- තම්බාගත් මඤ්ඤොක්කා 250g
- බිත්තර 1ක්
- ගම්මිරිස් ස්වල්පයක්
- සිහින්ව කපාගත් කැරට් අලයක්
- සිහින්ව කපාගත් ලීක්ස් ගහක්
- සිහින්ව ලියාගත් බී ළූණු ගෙඩි 1ක්
- ලුණු ස්වල්පයක්
- සෝයා සෝස් ස්වල්පයක්
- තෙල් ස්වල්පයක්
- හොඳින් අඹරාගත් ඉඟුරු සුදු ළූණු තේ හැඳි 1/2ක්
- කරපිංචා කිනිති කිහිපයක්
සාදන ක්රමය:
- මඤ්ඤොක්කා කැබැලි තරමක් කුඩාවට පොඩිකරගන්න.
- ඉන්පසු සාස්පානක් ලිපේ තියල ඒකට තෙල් ස්වල්පයක් දමන්න.
- තෙල් ටික හොඳි රත් වූවාට පසුඉඟුරු, සුදු ළූනු පේස්ට් එක දමන්න.
- එය රන්වන් පාට වීගෙන එන විට එයට බී ළූණු එක් කරන්න.
- විනාඩියකට පසු කැරට් හා ලීක්ස් එකතු කරන්න.
- හොඳින් කලවම් කර එයට ගම්මිරිස් සහ ලුණු එක් කරගන්න.
- හොඳින් මිශ්රකර ගසාගත් බිත්තරයක් එකතු කරන්න. බිත්තරයේ සාරු ගතිය අඩු වන තුරු හොඳින් කලවම් කරන්න.
- මඤ්ඤොක්කා එකතුකරගන්න. හැඳි දෙකකින් කොත්තු ගහන ආකාරයට හොඳට මිශ්රකරගන්න.
පෝෂණ ගුණය:
මඤ්ඤොක්කා යනු අපගේ ප්රදේශයේ සුලභව හොයාගන්න පුලුවන් හා ලේසියෙන් ගෙවත්තේ වගාකළ හැකි අල වර්ගයකි. ඒවායේ පිෂ්ටය බහුල නිසා ශරීරයට ශක්තිය ලබා දෙයි. මීට අමතරව කූනිස්සන් , හාල්මැස්සන් හෝ චිකන් එකතුකර පෝෂණ ගුණය වැඩි කරගත හැක.
වෙළඳපොළේ විකිණීමට ඇති කොත්තුවල සෝස් හා කෘතීම රසකාරක බහුල අතර මේ සඳහා එකතු කර ගන්නේ ස්වභාවික කුළුබඩු වර්ග පමණි.











