FoodLit – TEACHING AND LEARNING OF FOOD AND NUTRITION

බඩඉරිඟු මිශ්‍ර බත්

අවශ්‍ය ද්‍රව්‍ය:


  1. සහල් 500g
  2. නොමේරූ බඩඉරිඟු කරල් 3
  3. කැරට් 100g
  4. මුරුංගා කොළ 100g
  5. දඹල 100g
  6. බිත්තර 2
  7. ළූණු, සුදු ළූණු
  8. ඉඟුරු, කරපිංචා, ගම්මිරිස්
  9. පොල්තෙල් ස්වල්පයක්
  10. ලුණු

සාදන ක්‍රමය:


  1. බඩඉරිඟුවල පොත්ත ඉවත් කර එහි ඇට වෙන්කරගෙන සෝදා ගන්න.
  2. හාල් සෝදා බත් ඉදෙන ප්‍රමාණයට වතුර තරමක් වැඩිපුර තබා එයටම බඩඉරිඟු එකතුකර බත පිස ගන්න.
  3. එළවළු සෝදා පිරිසිදු කරගෙන සිහින්ව කපා ගන්න.
  4. ළූණු, සුදුළූණු, ඉඟුරු හා කරපිංචාද සිහින්ව කපා ගන්න.
  5. භාජනය ලිප මත තබා එයට පොල්තෙල් ස්වල්පයක් දමා රත්වන විට පළමුව සුදුළූණු, ඉඟුරු එකතුකර බැදෙන්නට හරින්න.
  6. ඒවා බැදීගෙන එනවිට ළූණු, කරපිංචා එකතු කර මිශ්‍ර කර තෙම්පරාදු වෙන්නට හරින්න.
  7. ඉන්පසු පළමුව කැරට්, දෙවනුව බෝංචි එකතුකර විනාඩි 3 ක් පමණ ලිපේ තබා එයට බිත්තර සාරු එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
  8. එයටම ලුණු හා ගම්මිරිස් එක් කර ඉදුණු බත සමඟ මිශ්‍ර කරන්න.

පෝෂණ ගුණය:


පෝෂණ ගුණය වැඩි කර ගැනීම සඳහා බඩඉරිඟු, එළවළු හා බිත්තර එකතු කර ඇත. බෝංචි වෙනුවට දඹලත්, ලීක්ස් වෙනුවට මුරුංගා කංකුං වැනි පලා වර්ගත් යොදා ගත හැක.

Leave A Comment

Your email address will not be published. Required fields are marked *