පෝෂණ උළුඳු වඩේ
අවශ්ය ද්රව්ය:
- උඳු ඇට ග්රෑම් 250
- සිහින්ව ලියාගත් රතුලූනු ගෙඩි 10,12
- අමු මිරිස් කරල් 3,4
- කරපිංචා
- වියලි මිරිස් කරල්
- හාල් පිටි හෝ පාන් පිටි මේස හැඳි 3
- පොල්තෙල්
- ලුණු
සාදන ක්රමය:
- පළමුව උඳු ඇට සෝදා බඳුනකට දමා ඇටවලට උඩින් සිටින ආකාරයට වතුර දමා රැයක් පෙඟෙන්න තබන්න.
- ඉන්පසු වතුර පෙරා දැල් පෙරනයකට දමා තෙත හින්දවන්න.
- දැන් උඳුඇට ගලේ දමා හෝ බ්ලෙන්ඩරයට දමා අඹරන්න. තෙතමනය මදි නම් වතුර මේස හැඳි එකක් පමණ එකතු කරන්න.
- පසුව මිශ්රණය බඳුනකට දමා එක පැත්තකට පමණක් අනාගන්න.
- ඉන්පසු එයට ලියාගත් රතුලූනු, අමු මිරිස්,කරපින්චා, මිරිස් කැබලි සහ හාල්පිටි අනන්න.
- කෙසෙල් කොළයක හෝ ඉටි කොළ කැබැල්ලකට වතුර ටිකක් තවරා ඒ මත වඩේ මිශ්රණයෙන් ටිකක් තබා අත තෙමමින් වඩේ ආකාරයට අතින් හැඩ කරන්න.
- අවසානයේ එහි මැද කොටසින් ටිකක් රවුමට ඉවත්කර රන්වන් පාට වනතුරු අඩු ගින්දරේ බැදගන්න.
පෝෂණ ගුණය:
පෝෂණ ගුණය වැඩි කිරීම සඳහා කතුරුමුරුංගා කොළ, කැරට්, කංකුං වැනි දේවල් එකතු කර ඇත.











